අ/ ශාන්ත ජෝශප් විද්‍යාලය

අපේ පාසලේ 2025 ක්‍රීඩා උළෙල

අපේ පාසලේ සංවත්සර සැමරුම

WhatsApp Image 2025-02-24 at 10.27.25_22e17c3c.jpg
fb_img_1473620360456.jpg
  • සෑම ශිෂ්‍යයෙක් ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය.මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරුන් හා අදාළ ශිෂ්‍ය නායකයන් වගකීමෙන් ක්‍රියා කළ යුතු ය.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමග සියලුම දරුවන් හා ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් සහ ජාතික ගීය හා පාසල් ගීය වාදනය වන විටත් හවස ජාතික ගීය වාදනය වන විටත් සිසු දරුවන්,ගුරු භවතුන්,අනධ්‍යන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක හෝ ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක හෝ රැඳී නොසිටිය යුතුය. අවශ්‍යතාවයක් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
  • සෑම කාලච්ඡේදයක් අවසානයේ ම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය.විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායකයා හෝ විෂය නායකයා විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයන් සදහා වෙනත් ස්ථානයකට යන විට හා නැවත පන්තියට පැමිණෙන විට පේළියට යා යුතුය.එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය.අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිට ම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය.අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප,ලිපි,ජංගම දුරකථන,සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රැදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්ති කාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල්,කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබිය යුතුය.මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුවරයාගේ,පන්ති නායකයාගේ හා අදාළ ශිෂ්‍ය නායකයාගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය.දින තුනක් ඉක්මවා පාසල් නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
  • පාසල නියෝජනය කරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.