නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මධූ ද අල්විස්
වසර 127 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය(ජාතික පාසල) උතූරු මැද පළාතේ පිහිටි එකම බාලක පාසලයි. තම දෙමාපියන්ට ආදරය කරන පාසලට කරන මව්බිමට ආදරය කරන පුරවැසියන් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව දිනෙන් දීන ඉදිරියට ගමන් කරන විවිධ කුසලතා සම්භාරයකින් පිරිපුන් විද්‍යාලයීය පුතුන් තනන මාතෘ ගැබ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයයි.
අතීතයේදී කතෝලික ආගම මූලික කරගත් පාසලක් ලෙස ඉතා සුළු දරුවන් පිරිසකගෙන් ඇරබි පාසල වර්තමානය වන විට බෞද්ධාගමික දරුවන් 90% කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරන බහු ආගමික පාසලක් වශයෙන් සහජීවනයෙන් කටයුතු කරන සුවිශේෂි පාසලකි.
පෝෂිත කලාපය තුල සිටින මෙන්ම අනුරාධපුර දිස්ත්‍රිකකය තුල සිටින දක්ෂ දරුවන්‍ට ජනප්‍රිය පාසල් සංකල්පය යටතේ මෙම පාසලට ඇතුලත් වීමට හැකියාව ලැබී ඇත. ශිෂ්‍යත්ව සමතුන්ට මෙන්ම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්ව දරුවන්ට විද්‍යා, ගණිත,කලා,වාණිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරාවන් හැදෑරීමේ පහසුකම් වර්තමානය වන විට පාසල සතුව ඇත. එසේම ජාතික විභාගවලින් මෙන්ම විෂය සමගාමී ක්ෂේත්‍රයන්ගෙන්ද ජාතික හා ජාත්‍යන්තර තලය නියෝජනය දක්වා මෙහෙය වීමට හැකියාව ලැබී ඇත.
ක්‍රිකට්, පාපන්දු, රගර්, වොලිබෝල්, පිහිනුම්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, චෙස් ආදි ක්‍රීඩා කුසලතා සංවර්ධන වැඩසටහන්,බාල දක්ෂ ව්‍යාපාරය, පරිසර භට නියමු වැඩසටහන්, රතු කුරුස සමාජය, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව, යුධ හමුදා ශිෂ්‍ය බට, ගුවන් හමුදා ශිෂ්‍ය බට, නව නිපැයුම්, වේදිකා නාට්‍ය, විවාද, සෞන්දර්ය ආදි විෂය සමගාමී මෙන්ම විෂය බාහිර කටයුතු දියත් කරන සිසුන් තුල සමබර පෞරුෂය වර්ධනය කොට ඔවුන් අනාගතයට දායාද කිරීමට වර්තමාන විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පති මඩුල්ලත් ගුරුමණ්ඩලයත් ඇප කැපවී කටයුතු කරමින් සාර්ථක ගමනක යෙදී සිටී.
මධූ ද අල්විස්
නියෝජ්‍ය විදුහල්පතිනි
අ/ශාන්ත ජෝශප් විද්‍යාලය.






